ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 22:19 - Sinhala New Revised Version 2018

ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලාගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය හැර නුඹලාට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේටත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 22:19
12 හුවමාරු යොමු  

සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටි පූජකවරු ද ලෙවීවරු ද තමන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙත ආවෝ ය.


සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.


ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ ”


ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.


එවිට, රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද කානාන් දේශයේ ඉදිරිපිට ඉශ්රායෙල් සෙනඟ වාසය කළ පැත්තෙහි ජොර්දාන් ගඟ අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනඟා තිබේ යයි ඉශ්රායෙල් සෙනඟට ආරංචි විය.