ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 15:2 - Sinhala New Revised Version 2018

ඔවුන්ගේ දකුණු සීමාන්තය මළ මුහුදේ කෙළවර වන, දකුණට හැරී තිබෙන වරාය පටන්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගේ දකුණු සීමාන්තය මළ මුහුදේ කෙළවර වන, දකුණට හැරී තිබෙන වරාය පටන්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන්ගේ දකුණු සීමාව ලුණු මුහුදේ කෙළවර වන දකුණට හැරී තිබෙන වරායේ පටන්,

පරිච්ඡේදය බලන්න



යොෂුවා 15:2
8 හුවමාරු යොමු  

මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ.


සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක. එතුමාණෝ යුප්‍රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක. එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.


“දමස්කයටත්, ගිලියද්ටත් අතර පිහිටි නැගෙනහිර පැත්තේ හවුරාන් දක්වා සීමාවටත්, ඉශ්රායෙල් දේශයටත් අතරේ ජොර්දාන ගඟ ඔස්සේ වන්නේ ය. උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්ත වේ.


ඔහු කතා කරමින්, “මේ වතුර නැගෙනහිර දිශාවට ගලා ගොස්, අරබා සමභූමියට බැස ගොස්, එහි මළ මුහුදට ඇතුළු වූ විට ජලය මිරිදියට හැරුණේ ය.


දකුණු පැත්ත ශීන් නම් පාළුකරයේ සිට ඒදොම් දේශ සීමාව ඔස්සේ ය. දකුණු මායිම මළ මුහුදේ දකුණු කොණට නැගෙනහිරින් පටන්ගනු ඇත.


ජුදා ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණු කොටස, දකුණෙහි ඒදොම් සීමාව වන ශීන් පාළුකරයේ දකුණු සීමාන්තය දක්වා ම පිහිටා තිබිණි.


අක්‍රාබිම්හි නැඟුමට දකුණෙන් වැටී ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැඟී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැඟී කර්කා දෙසට හැරී ගොස්,


ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.