ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 13:29 - Sinhala New Revised Version 2018

මෝසෙස් මනස්සේ අර්ධ ගෝත්‍රයටත් ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෝසෙස් මනස්සේ අර්ධ ගෝත්‍රයටත් ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් දුන්නේය. එය මනස්සේ පුත්‍රයන්ගේ අර්ධ ගෝත්‍රයට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 13:29
10 හුවමාරු යොමු  

මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.


නප්තලීගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා මනස්සේට එක කොටසක් ය.


රට අල්ලා ගන්නහු නම්, ඉන්පසු ඔබ සියල්ලන්ට ආපසු හැරී එන්නට අවසර ඇත. උන් වහන්සේ ඉදිරියෙහි ද, ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ද ඔබ නිදොස් වනු ඇත. උන් වහන්සේගේ අණ පරිදි මේ රට ද ඔබට උරුම වනු ඇත.


මෝසෙස් එම දේශය මනස්සේගේ පුත් මාකීර්ට දුන් පසු, ඔහු එහි විසී ය.


ගිලියද් දේශයෙන් ඉතිරි කොටස ද ඕග් රජුගේ රාජධානිය වන මුළු බාෂාන් ප්‍රදේශය, එනම්, මුළු අර්ගොබ් ප්‍රදේශය, මම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. මුළු බාෂාන් ප්‍රදේශය රෙපායිම් යෝධයන්ගේ දේශය යයි කියනු ලැබේ.


මේවා වනාහි ගාද් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දෙන ලද නගර හා ගම් ය.


ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.


ජොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද් ද බාෂාන් ද හැර, මනස්සේට කොටස් දසයක් පැවරුණේ ය.


මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය.


මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි ප්‍රදේශයක් දී තිබුණේ ය. අනික් අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට ජොර්දාන් ගඟෙන් මෙගොඩ ප්‍රදේශයක් ජෝෂුවා දුන්නේ ය. තවද, ජෝෂුවා ඔවුන්ගේ, නිවාසවලට ඔවුන් යවන කල ඔවුන්ට ආශීර්වාද කරමින්,