එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.
යොෂුවා 10:5 - Sinhala New Revised Version 2018 එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය. Sinhala New Revised Version එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය. Sinhala Revised Old Version එබැවින් අමෝරිවරුන්ගේ රජවරු පස්දෙන එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද එකතුව ඔව්හුද ඔවුන්ගේ සියලු සේනාවෝද ගොස් ගිබියොන් ඉදිරියේ කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධ කළෝය. |
එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.
ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.
අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ.
එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ:
පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි.