මිනිසුන් ඔහුට විරුද්ධ ව ජෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළහ. ඔහු ලාකීෂ් නම් ස්ථානයට පලා ගියේ ය. එහෙත්, ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා
යොෂුවා 10:31 - Sinhala New Revised Version 2018 ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නාහි සිට ලාකීෂ් නගරයට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. Sinhala New Revised Version ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නාහි සිට ලාකීෂ් නගරයට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. Sinhala Revised Old Version ලිබ්නාහි සිට යෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලාකීෂ්ට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ, ඊට විරුද්ධව යුද්ධකෙළේය. |
මිනිසුන් ඔහුට විරුද්ධ ව ජෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළහ. ඔහු ලාකීෂ් නම් ස්ථානයට පලා ගියේ ය. එහෙත්, ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා
අසිරියාවේ රජු ලාකීෂ්හි සිට පිටත් ව ගිය බව රබ්-ෂාකේ අසා, ඔහු හැරී ගිය විට, රජු ලිබ්නාට විරුද්ධ ව යුද්ධ කරන බව දැනගත්තේ ය.
අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය.
අහෝ ලාකීෂ්හි වැසියෙනි! නුඹලාගේ අශ්වයන් රථවල බැඳගන්න; සියොන් පුරඟනගේ පාපයේ පටන්ගැන්ම මෙය විය. මන්ද, ඉශ්රායෙල් කළ පාපය ම නුඹත් කර ඇත.
එබැවින් ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්, හෙබ්‍රොන්හි රජ වූ හෝහාම්ට ද ජර්මුත්හි රජ වූ පීරාම්ට ද ලාකීෂ්හි රජ වූ ජපියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්,
සමිඳාණන් වහන්සේ ඒ නගරයත්, එහි රජුත් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා එහි සිටි එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඒ නගරයටත්, ඒ නගරයේ විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී ජෙරිකෝවේ රජුට කළාක් මෙන් ලිබ්නාහි රජුටත් කෙළේ ය.
සමිඳාණන් වහන්සේ ලාකීෂ් නගරය ද ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා දෙ වන දවසේ දී එය අල්ලාගෙන ලිබ්නාට කළාක් මෙන් එහි සිටි සියලු දෙනාටත් කඩුවෙන් පහර දුන්නේ ය.
එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය.