මෙසේ ජේහු ජෙශ්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ සියලු ප්‍රධානීන් ද ඔහුගේ කිට්ටු හිතවතුන් ද ඔහුගේ පූජකයන් ද එක් කෙනෙකු වත් ඉතිරි නොකර මැරවී ය.
යොෂුවා 10:30 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඒ නගරයත්, එහි රජුත් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා එහි සිටි එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඒ නගරයටත්, ඒ නගරයේ විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී ජෙරිකෝවේ රජුට කළාක් මෙන් ලිබ්නාහි රජුටත් කෙළේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඒ නගරයත්, එහි රජුත් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා එහි සිටි එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඒ නගරයටත්, ඒ නගරයේ විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී ජෙරිකෝවේ රජුට කළාක් මෙන් ලිබ්නාහි රජුටත් කෙළේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඒකත් එහි රජුත් ඉශ්‍රායෙල්වරුන් අතට පාවාදුන්සේක; ඔව්හු එහි සිටිය එක්කෙනෙක්වත් ඉතුරු නොකොට එයටත් එහි සිටිය සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, යෙරිකෝවේ රජුට කළාක් මෙන් එහි රජුටත් කළෝය. |
මෙසේ ජේහු ජෙශ්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ සියලු ප්‍රධානීන් ද ඔහුගේ කිට්ටු හිතවතුන් ද ඔහුගේ පූජකයන් ද එක් කෙනෙකු වත් ඉතිරි නොකර මැරවී ය.
රට අල්ලා ගන්නහු නම්, ඉන්පසු ඔබ සියල්ලන්ට ආපසු හැරී එන්නට අවසර ඇත. උන් වහන්සේ ඉදිරියෙහි ද, ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ද ඔබ නිදොස් වනු ඇත. උන් වහන්සේගේ අණ පරිදි මේ රට ද ඔබට උරුම වනු ඇත.
දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු.
උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.
ඒ දවසේ ජෝෂුවා මක්කේදා නගරය අල්ලාගෙන, එයටත්, එහි රජුටත් කඩුවෙන් පහර දී, එක ද කෙනෙකු වත් ඉතිරි නොකර, එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදමා, ජෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේ ය.
ඉක්බිති ජෝෂුවා මක්කේදා සිට සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නා නගරයට ගොස් ඒ නගරයට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.
ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නාහි සිට ලාකීෂ් නගරයට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.
ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය.
ඉශ්රායෙල්වරුන් තමන් ලුහුබැඳ ආ සියලු වැසියන් පාළුකරයේ දී වනසා නිම කළ පසු ද මෙසේ ආයි වැසියන් සියල්ලන් ම එකෙකු වත් ඉතුරු නොවන සේ කඩුවෙන් විනාශ කරනු ලැබූ පසු ද සියලු ඉශ්රායෙල්වරු ආයි නගරයට හැරී ගොස් එහි සිටි අය ද කඩුවෙන් මරා දැමුවෝ ය.
ඔව්හු ආයි රජු සවස දක්වා ගසක එල්ලා තැබුවෝ ය; ඉර බසින වේලාවේ ජෝෂුවාගේ අණ පිට ඔහුගේ මළකඳ ගසින් බා, නගරයට පිවිසෙන දොරකඩ ළඟ හෙළා, ඒ පිට මහ ගල් ගොඩක් ගැසුවෝ ය. එය අද දවස දක්වා තිබේ.