මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේ දී තව තවත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළේ ය.
යෙසායා 9:13 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට දඬුවම් කළ සමිඳුන් වෙත හැරී නැත. ඔවුන් සව් බලැති සමිඳුන් සෙව්වේ නැත. Sinhala New Revised Version ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට දඬුවම් කළ සමිඳුන් වෙත හැරී නැත. ඔවුන් සව් බලැති සමිඳුන් සෙව්වේ නැත. Sinhala Revised Old Version එහෙත් සෙනඟ තමුන්ට පහරදුන් තැනන්වහන්සේ වෙතට නොහැරී, සේනාවල ස්වාමීන්වහන්සේ නොසෙවුවෝය. |
මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේ දී තව තවත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළේ ය.
එහෙත්, අභක්තිකයන් උදහස් ව ම සිටිනු ඇත. ඔවුන්ට දඬුවම ආවත් ඔව්හු පිහිට පතා අයැදුම් නොකරති.
ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද? ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත. ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය.
ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.
උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.
ඔවුන්ගේ තණ්හාව හා වරද නිසා මම උදහස් වීමි. ඒ නිසා මාගේ කෝපයෙන් මම ඔවුන්ට දඬුවම් කොට, ඔවුන් අත්හළෙමි. එහෙත්, ඔව්හු මුරණ්ඩු ව, හිතුමතේ ජීවත් වූ හ.
“ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ විසින් යුප්‍රටීස් ගඟට එගොඩින් කරණවෑමියෙකු එනම්, අසිරියාවේ රජු කුලියට ගෙන්වා ගෙන, ඔහු ලවා නුඹේ හිසේ ද සිරුරේ ද කේශ හා රැවුල් බූගාවනු ලබන්නේ ය.
මම කුල්ලකින් පොළන්නාක් මෙන් දේශයේ හැම නගරයක දී ඔවුන් පොළාදැමුවෙමි. ඔවුන් කෙරේ වියෝ දුක පැමිණෙව්වෙමි. මාගේ සෙනඟ වන නුඹලා නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී නොපැමිණි බැවින් මම නුඹලා අත්හැර විනාශ කෙළෙමි.
නුඹලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: නුඹලාගේ දේශය අපිරිසිදු ය. ඒ නිසා මම උදහසින් එයට දඬුවම් කරන්නෙමි.
ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;
“මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.”
ඉශ්රායෙල්වරුන්ගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ නඟයි. කරුණු මෙසේ වුව ද ඒ සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී උන් වහන්සේ නොසෙව්වෝ ය.
ඔව්හු මා වෙතින් හැරී බාල් දෙවිවරුන් කරා යති. ඔව්හු වනාහි හරි නැති දුන්නක් වැනි ය. ඔවුන්ගේ අධිපතීහු අහංකාර ලෙස කතා කරන නිසා කඩුවෙන් විනාශ වෙති. මිසර දේශ වැසියන් ඔවුන්ට සිනාසෙනු ඇත.”
“මා මිසර දේශයේ ඇති කළ වසංගතයට සමාන වසංගතයක් නුඹලා අතරේ ද ඇති කෙළෙමි; නුඹලාගේ තරුණයන් ද කඩුවෙන් මරාදමා, නුඹලාගේ අශ්වයන් පැහැරගෙන ගියෙමි; කඳවුරුවල දුර්ගන්ධයෙන් නුඹලාගේ නාස් පුඩු පිරෙව්වෙමි. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
“තවද, නුඹලාගේ සියලු නගරවල සාගින්න ද හැම තැන ම කෑම සාගතය ද ඇති කෙළේ මම ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”
එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත.