ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 5:12 - Sinhala New Revised Version 2018

ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව සලකන්නේවත් උන්වහන්සේගේ අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 5:12
20 හුවමාරු යොමු  

ඔබ රහසින් පලාගියේ මන් ද? මට හොරෙන් ගියේ ඇයි? ප්‍රීති ඝෝෂාවෙන් හා ගීයෙන් ද කිංකිණි රබන් හඬින් හා වීණා නාදයෙන් ද ඔබ පිටත් කර හැරීමට මට හැකි වන සේ, මට නොදැන්නුවේ මන් ද?


මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?


එසේ වූයේ: ඔවුන් එතුමාණන්ට කීකරු වීම අත්හැරදැමූ නිසා ය; එතුමාණන්ගේ සියලු මාර්ග නොසලකා හැරිය නිසා ය.


ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමාණන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක; යළි නොපිහිටුවන සේක.


ඒ වෙනුවට නුඹලා ප්‍රීති සන්තෝෂ වූවහු ය. කෑම සඳහා ගව බැටළු සතුන් මරා, මිදියුස පානය කළහු ය. “අපි කමු, බොමු. මන්ද, හෙට අපි මැරෙන්නෙමු”යි නුඹලා කීවහු ය.


ඔවුන්ගේ ද වීණා හා බට නළාවල ද ප්‍රීති නාදය දැන් නැවතී ඇත.


දෙවිඳුන්ගේ පූජාසනය වන ජෙරුසලම, ඔබට වන විපතක මහත! දාවිත් රජු කඳවුරු බැඳගෙන සිටි නගරයට වන විපතක මහත! මංගල්‍යයන් හා පූජා උත්සවයන් සමඟ තවත් අවුරුද්දක් දෙකක් ගත වුණාවේ.


එය සිදු වූ විට, සමිඳාණෝ, “තමන් වහන්සේ කරන සේකැ”යි කියන දේ ඉක්මනින් කරන සේක් වා! එවිට එය අපට බැලිය හැකි ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ තමන්ගේ අදහස් ඉටු කරන සේක් වා! “එය සිදු වූ විට, එතුමන්ගේ අදහස් කවරේ ද කියා අපි දැනගනිමු”යි ඔබ කියන්නහු ය.


ඔව්හු කතා කොට, “එන්න, අපි මිදියුස ලබාගෙන, සුරාපානය උගුරට ම එන තෙක් බී තෘප්තියට පැමිණෙමු. හෙට දවස අදටත් වඩා හොඳ දවසක් වනු ඇතැ”යි කියති.


නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දය ද තවත් නොඇසෙන්නේ ය.


“අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය.


එලෙස ම, නළාව හෝ වීණාව හෝ වැනි අප්‍රාණික භාණ්ඩ වාදනය කරන විට නික්මෙන සංගීත ස්වර අතර වෙනසක් නැත්නම්, ඒවායින් කුමන තාලයක් වාදනය වන්නේ දැ යි හඳුනාගන්නේ කෙසේ ද?


ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.


සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න.