ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 49:17 - Sinhala New Revised Version 2018

නැවත නුඹ ගොඩනඟන අය කැඩූ අයට වඩා ඉක්මනින් ඉදි කරති. නුඹව විනාශ කළ අය පලා යති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නැවත නුඹ ගොඩනඟන අය කැඩූ අයට වඩා ඉක්මනින් ඉදි කරති. නුඹව විනාශ කළ අය පලා යති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹේ දරුවෝ ඉක්මනින් එති; නුඹව විනාශකළ අයද නුඹව පාළුකළ අයද නුඹ වෙතින් අහක්ව යන්නෝය.

පරිච්ඡේදය බලන්න



යෙසායා 49:17
14 හුවමාරු යොමු  

ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.


එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.


එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.


මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.


සමිඳාණන් වහන්ස, අසිරියාවේ අධිරාජවරුන් බොහෝ රාජ්‍යයන් විනාශකර, ඒ දේශයන් පාළුකර


විනාශ කරන ලද නුඹේ දේශය නටබුන් වී පාළු වී ඇතත්, දැන් එහි පදිංචියට පැමිණෙන අයට එහි ඉඩ මදි වන්නේ ය. නුඹ විනාශ කර දැමූ අය නුඹෙන් ඉවත් කරනු ලබන්නෝ ය.


අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.


ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති.


තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.


“එවිට ඉශ්රායෙල් සෙනඟට ඇනෙන කඩුවක් වත්, රිද්දවන උලක් වත් ඔවුන් අපවාදයට පත් කළ ඔවුන් අවට සිටින සියල්ලන්ගෙන් තවත් නොපැමිණෙන්නේ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


මම නුඹලා පිට මනුෂ්‍යයන් එනම්, මුළු ඉශ්රායෙල් වංශය ම වැඩි වර්ධනය කරන්නෙමි. නගර ජනාකීර්ණ වනු ඇත. පාළු තැන් ද ගොඩනඟනු ලැබේ.