ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 37:11 - Sinhala New Revised Version 2018

අසිරියාවේ රජවරුන් සියලු දේශයන් සහමුලින් ම විනාශ කළ හැටි ඔබ අසා ඇත. එසේනම්, ඔබට ගැළවෙන්න පුළුවන් යයි ඔබ සිතන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අසිරියාවේ රජවරුන් සියලු දේශයන් සහමුලින් ම විනාශ කළ හැටි ඔබ අසා ඇත. එසේනම්, ඔබට ගැළවෙන්න පුළුවන් යයි ඔබ සිතන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉතින් අෂූර්හි රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශකර දැමූ බව නුඹ අසා තිබේ. එසේ නම් නුඹ ගැළවෙනවා ඇද්ද?

පරිච්ඡේදය බලන්න



යෙසායා 37:11
9 හුවමාරු යොමු  

නගර නැති නාස්ති කොට, ලෝකය පාළුකරයක් බවට පත් කළ තැනැත්තා මොහු ද? සිරකරුවන්ට කිසි කලෙක නිදහස නුදුන් ඔවුන්ට ආපසු ගෙදර යන්න ඉඩ නුදුන් තැනැත්තා මොහු දැ’යි අසති.


‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවාගන්නා සේක’ කියා ද, ‘ඒ නිසා ඔබ හැමගේ නුවර අල්ලාගන්න උන් වහන්සේ අසිරියාවට නොදෙන සේක’ කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ඔබ හැම කැමැති කරවා ගැනීමට හෙසකියා රජුට ඉඩ නොදෙන්න.


“ඒ නිසා ඒ ගස වනයේ සියලු ගස්වලට වඩා උස ය. බොහෝ වතුර ලැබුණු නිසා, එහි අතු වැඩි වී දිගට ගියේ ය.


නුඹේ තුවාළවලට පිළියමක් නැත; නුඹේ තුවාළ අසාධ්‍ය ය. නුඹේ මේ පුවත අසන සියල්ලෝ නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති. මන්ද, නුඹේ දරුණු දුෂ්ටකමෙන් බේරුණ කෙනෙක් ඇද් ද?”