ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 36:13 - Sinhala New Revised Version 2018

ප්‍රධාන නිලධාරියා එසේ කියා නැඟිට සිට, ශබ්ද නඟා හෙබ්‍රේව් භාෂාවෙන් කතා කරමින් මෙසේ කී ය: “අසිරියාවේ අධිරාජයා ඔබට කියන දේට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ප්‍රධාන නිලධාරියා එසේ කියා නැඟිට සිට, ශබ්ද නඟා හෙබ්‍රේව් භාෂාවෙන් කතා කරමින් මෙසේ කී ය: “අසිරියාවේ අධිරාජයා ඔබට කියන දේට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල රබ්-ෂාකේ නැගිට සිට යුදෙව් භාෂාවෙන් මහත් ශබ්දයකින් මොරගසා: අෂූර්හි රජවූ මහ රජ්ජුරුවන්ගේ වචන අසන්න.

පරිච්ඡේදය බලන්න



යෙසායා 36:13
14 හුවමාරු යොමු  

ඔව්හු නගරය අල්ලාගන්න පිණිස, පවුර පිට සිටි ජෙරුසලමේ සෙනඟ බයගන්වන්නත්, ඔවුන් කළඹන්නත් ජුදෙව් භාෂාවෙන් මහා හඬකින් මොරගසා,


එවිට එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “අරමීය භාෂාවෙන් අපට කතා කරන්න, එය අපට තේරේ. පවුර පිට සෙනඟට ඇසෙන පිණිස හෙබ්‍රේව් භාෂාවෙන් කතා නොකරන්නැ”යි කී හ.


ඔහු පිළිතුරු දෙමින් මෙසේ කී ය: “අධිරාජයා මා එව්වේ, ඔබටත්, ඔබේ රජ්ජුරුවන්ටත් මේ දේ කියන්න යැයි ඔබ සිතන්නහු ද? එසේ නොවේ, මා කතා කරන්නේ ඔබට මෙන් ම තමන්ගේ ම අශූචි කන්නත් තමන්ගේ ම මුත්‍රා බොන්නත් නියම වී පවුර පිට සිටින මේ සෙනඟට ය.”


එවිට අසිරියානු නිලධාරියා ඔවුන්ට මෙසේ කී ය: “අසිරියාවේ අධිරාජයා මෙසේ ප්‍රශ්න කරන්නේ යයි හෙසකියා රජුට කියන්න. ඔබට ඔතරම් විශ්වාසයක් තිබෙන්නේ කොහොම ද?


අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”


ස්වාමීන් වන මම අසිරියාවේ රජු ද ඔහුගේ මුළු සේනාව ද ජුදා රටට පහර දෙන පිණිස ගෙනෙන්නෙමි. යුප්‍රටීස් ගඟේ ඉවුරු තලා යන ජලගැලීම සේ ඔවුන් ඉදිරියට එනු ඇත.