යෙසායා 28:25 - Sinhala New Revised Version 2018 කෙත සූදානම් කරගත් විට, ඔහු කොල්ලු හා දුරු එහි වපුරන්නේ ය. තිරිඟු හා බාර්ලි පේළි වශයෙන් එහි සිටුවන්නේ ය. කෙතේ මායිම්හි සෙසු වර්ගවල බීජ පැළ කරන්නේ ය. Sinhala New Revised Version කෙත සූදානම් කරගත් විට, ඔහු කොල්ලු හා දුරු එහි වපුරන්නේ ය. තිරිඟු හා බාර්ලි පේළි වශයෙන් එහි සිටුවන්නේ ය. කෙතේ මායිම්හි සෙසු වර්ගවල බීජ පැළ කරන්නේ ය. Sinhala Revised Old Version ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද? |
“තවද, නුඹ තිරිඟු, යව, මෑ, කොල්ලු, කුරක්කන් හා තණහාල් රැගෙන, ඒවා භාජනයක තබා එයින් රොටි සාදාගන්න. නුඹ එක පසෙකට දිගා වී සිටින දවස් ගණන වන දවස් තුන්සිය අනූව තුළ ඒවා අනුභව කරන්න.
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.