ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය; විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.
යෙසායා 28:23 - Sinhala New Revised Version 2018 ඔබ කන් යොමුකර මා කියන දේට සවන් දෙන්න; මාගේ පණිවුඩය අසන්න. Sinhala New Revised Version ඔබ කන් යොමුකර මා කියන දේට සවන් දෙන්න; මාගේ පණිවුඩය අසන්න. Sinhala Revised Old Version නුඹලා කන් යොමුකර මාගේ හඬ අසන්න; ඇහුම්කන්දී මාගේ වචන අසන්න. |
ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය; විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.
මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.
සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.
‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙ වන මරණයෙන් අනතුරක් නොවන්නේ ය.’
එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය.
‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.’