ඒ නිසා සමිඳාණෝ, ඔබට අකුරෙන් අකුර, පේළියෙන් පේළිය, පාඩමෙන් පාඩම, උගන්වන්න යන සේක. එවිට ඔබ ගන්න පියවරෙන් පියවර පැකිළෙන්නහු ය. ඔබ තුවාළ ලබන්නහු ය; මලපතකට අසු වී හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.
යෙසායා 28:10 - Sinhala New Revised Version 2018 ඔහු උත්සාහ කරන්නේ දරුවන්ට මෙන් අපට පේළියෙන් පේළියට පාඩමෙන් පාඩම උගන්වන්න යි.” Sinhala New Revised Version ඔහු උත්සාහ කරන්නේ දරුවන්ට මෙන් අපට පේළියෙන් පේළියට පාඩමෙන් පාඩම උගන්වන්න යි.” Sinhala Revised Old Version මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය. |
ඒ නිසා සමිඳාණෝ, ඔබට අකුරෙන් අකුර, පේළියෙන් පේළිය, පාඩමෙන් පාඩම, උගන්වන්න යන සේක. එවිට ඔබ ගන්න පියවරෙන් පියවර පැකිළෙන්නහු ය. ඔබ තුවාළ ලබන්නහු ය; මලපතකට අසු වී හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.
මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?
මා ඔවුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා දින පටන් අද දක්වා නොකඩවා මම ඔවුන්ට අවවාද කර, මාගේ හඬට කීකරු වන්නැ යි සැබැවින් ම වදාළෙමි.
ඉතින් සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ප්‍රීතියෙන් පවතින්න. කලින් ඔබට කී දේ ම යළිත් සඳහන් කිරීම මට කරදරයක් නොවේ. ඔබේ පරෙස්සමටත් එය හොඳ ය.
නිතර ම ඉගෙනගන්න නමුත් කිසිකලෙක සත්‍යය දැනගන්නට බැරි, ළාමක ස්ත්‍රීන් වසඟ කරගන්න අය වෙති.
ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත්, දේව පණිවුඩය ‘අ’ යන්නේ පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඉන් අදහස් කරන්නේ, ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බව ය.