හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති; මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය.
යෙසායා 21:7 - Sinhala New Revised Version 2018 අසරුවන් දෙදෙන දෙදෙන බැගින් ද කොටළුවන් හා ඔටුවන් පිට යන මිනිසුන් ද ඔහු දුටුවොත්, එය සුපරීක්ෂාකාරීව නරඹන්න කියා ඔහුට කියන්න.” Sinhala New Revised Version අසරුවන් දෙදෙන දෙදෙන බැගින් ද කොටළුවන් හා ඔටුවන් පිට යන මිනිසුන් ද ඔහු දුටුවොත්, එය සුපරීක්ෂාකාරීව නරඹන්න කියා ඔහුට කියන්න.” Sinhala Revised Old Version ඔහු මෘගයන් පිට එනම් දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිටද කොටළුවන් පිටද මනුෂ්‍යයන් නැගී එනවා දකිනකල ඉතා ඕනෑකමින්ම ඇහුම්කන්දෙන්නේයයි කීසේක. |
හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති; මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය.
නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.
මේ සෙනඟ මට සහමුලින් ම කීකරු විය යුතු ය. සබත් දවසේ දී නුඹලා කිසි බරක් උසුලාගෙන දොරටුවලින් නොයා යුතු ය. නුඹලා සබත් දවස ශුද්ධ දවසක් ලෙස පවත්වා, එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.
එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.