ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 13:21 - Sinhala New Revised Version 2018

වන මෘගයන් එහි ලගිනු ඇත; බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

වන මෘගයන් එහි ලගිනු ඇත; බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

වන මෘගයන් එහි ලගිනවා ඇත; ඔවුන්ගේ ගෙවල් විලාප හඬදෙන සතුන්ගෙන් පිරෙනවා ඇත; පැස්බරුන් එහි වසනවා ඇත. වල් එළුවන්ද එහි නටනවා ඇත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 13:21
10 හුවමාරු යොමු  

මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


තීර් දේශය වන සතුන් විසින් වනසනු ලබන පිණිස මඟ පෑදුවෝ අසිරියන්වරු නොවෙති; වැටලීමේ කොත් ගොඩනඟා තීර්හි බලකොටු බිඳදමා නගරය සුන්බුන් කළෝ බබිලෝනිවරු ය.


ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක. අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත. ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ.


රජමැදුර පවා හිස් වන්නේ ය, අගනුවර ද සම්පූර්ණයෙන් පාළු වන්නේ ය; ගෙවල් ද මුරකොටු ද සදහට ම නටබුන් වන්නේ ය; වල් කොටළුවන් එහි ලගිනු ඇත; ඒවා බැටළුවන්ට තණ බිම් වන්නේ ය.


“එබැවින් වන සතුන් ද සිවලුන් ද බබිලෝනියේ වාසය කරනු ඇත. පැස්බරුන් ද එහි වාසය කරනු ඇත. මින්පසු කිසි කලෙක එහි මනුෂ්‍යයෝ වාසය නොකරති. පරම්පරාවන් ගණනාවක් ඉක්ම ගියත් එහි කිසිවෙක් නොවන්නෝ ය.


පැස්බරා, රෑ උකුස්සා, මූදු ලිහිණියා, නා නා විධ වෙනත් උකුස්සෝ;


“මේ නිසා මම හඬා වැලපෙන්නෙමි; පාවහන් වත්, ඇඳුම් වත් නැති ව යන්නෙමි; සිවලුන් මෙන් විලාප නඟන්නෙමි; පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.


හැම වර්ගයේ ගව මෘග ආදීන් එහි ලගිනු ඇත. එහි නටබුන් අතරේ බකමූණන් ලගින කවුළු තුළින් කරවැල් කොකා ද ඉත්තෑවා ද කෑකෝ ගසනු ඇත. එළිපත් මත කපුටන් කරව් කරනු ඇත. ගොඩනැඟිලිවල කිහිරි ලී බිඳ හෙළනු ඇත.


ඔහු මහ හඬින් මොරගසා, “මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය. ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක් ද, සියලු අශුද්ධාත්මයන්ගේත් සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේත් හිරගෙයක් ද වූවා ය.