යාකොබ් 5:19 - Sinhala New Revised Version 2018 මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි. Sinhala New Revised Version මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි. සිංහල කාලීන පරිවර්තනය මා සහෝදරයිනි, ඔබ අතරින් යමකු සත්‍යයෙන් බැහැරව මුළාව ගිය කල, අන් කෙනකු ඔහු ආපසු හරවා ගන්නේ නම්, Sinhala Revised Old Version මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙන් යමෙක් සැබෑකමෙන් මුළාව ගියේද, යමෙක් ඔහු හරවාගන්නේ නම්, |
මුදල් ණයට දෙන්නෝ මාගේ සෙනඟට හිරිහැර කරති; අයුතු පොළී ගන්නෝ ඔවුන් රවටති; දරුවෝ වැඩිහිටියන්ට හිරිහැර කරති; ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති. මාගේ ජනයෙනි, ඔබේ නායකයෝ ඔබ මුළා කරති; යා යුතු මඟ අවුල් කරති.
“මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි.
දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය.
“ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය.
එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක.
සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.
මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.
ඔව්හු පුනරුජ්ජීවනය දැනට ම සිදු වී තිබෙන බව කියමින්, සත්‍යයෙන් බැහැර ගොස්, සමහරුන්ගේ විශ්වාසය අවුල් කරති.
ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.
එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න.
නොමඟ ගිය පව්කරුවෙකු යළි සත්‍යයට හරවන තැනැත්තේ ප්‍රාණයක් මරණයෙන් මුදා, පව් රාශියක් මකා හරින බව දැනගනී වා.
එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න.
අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.