ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මලාකි 2:15 - Sinhala New Revised Version 2018

එක ම දෙවියන් වහන්සේ ඔබ, ඔබේ භාර්යාව හා ඒකාබද්ධ නොකළ සේක් ද? එසේ කෙළේ, දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ වන දරුවන් අපට ඇති කරන පිණිස ය. ඒ නිසා ප්‍රවේසම් වන්න. කිසිවෙක් තමා තරුණ වියේ විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දු කඩ නොකෙරේ වා!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එක ම දෙවියන් වහන්සේ ඔබ, ඔබේ භාර්යාව හා ඒකාබද්ධ නොකළ සේක් ද? එසේ කෙළේ, දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ වන දරුවන් අපට ඇති කරන පිණිස ය. ඒ නිසා ප්‍රවේසම් වන්න. කිසිවෙක් තමා තරුණ වියේ විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දු කඩ නොකෙරේ වා!

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.

පරිච්ඡේදය බලන්න



මලාකි 2:15
39 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක.


දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.


‘ඔබත් බොන්න. ඔබේ ඔටුවන්ට ද මම වතුර අදින්නෙමි’ කියා යම් කන්‍යාවක් මට කියන්නී ද, අන්න, ඒ තැනැත්තී සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාගේ පුත්‍රයා හට නියම කළ බිරිඳ වේවා යි මම සිතුවෙමි.


රෙබෙකා ඊසාක්ට කතා කොට, “හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. ජාකොබ් ද මේ රටේ ස්ත්‍රීන් වැනි, හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් මොන වැඩක්දැ”යි කීවා ය.


මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ.


එවිට විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ ද්‍රෝහිකම ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කී දෙයින් කම්පා වූ හැම දෙන ම මා ළඟට රැස් වූ හ. මම වනාහි සවස පූජාව ඔප්පු කරන තෙක් තුෂ්ණීම්භූත ව එහි ම උන්නෙමි.”


ඔවුන්ගේ දරුවන්ගේ සංබ්‍යාවෙන් අඩක් අෂ්දොද් භාෂාව හෝ අන් ජාතීන්ගේ භාෂා හෝ කතා කළෝ ය. ජුදාවේ භාෂාව කතා කරන්න ඔව්හු නොදත්හ.


මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු,


“කාමමිථ්‍යාචාරය නොකරව.


පතිවත කඩන ස්ත්‍රියකගෙන්, දේව ගිවිසුම් කඩ කරන ස්ත්‍රියකගෙන්, ඔබ ගැළවෙන්නෙහි ය.


අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න; මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි.


ඇගේ රුවට සිතින් ඇදී නොයන්න; ඇගේ නුවන’ග බැල්මෙන් ඈ ඔබ වසඟ කර නොගනී වා.


ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා! ඇගේ මාර්ගවල මං මුළා නොවන්න.


අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.


මම නුඹ හොඳ වර්ගයේ මිදි වැලක් ද ඉතා ම හොඳ බීජයක් ද මෙන් සිටෙව්වෙමි. එහෙත්, නුඹ නරක් වූ වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද?


“එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය.


“යමෙකු වෙන කෙනෙකුගේ භාර්යාවක සමඟ පරදාර සේවනය කළොත්, දෙදෙනා ම මරණයට පත් කළ යුතුය.


උන් වහන්සේ ඔබේ පූජාවන් නොපිළිගන්නේ මන්දැ යි ඔබ අසන්නහු ය. එයට හේතුව, ඔබ තරුණ කාලයෙහි විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දුව කඩ කර තිබෙන බව උන් වහන්සේ දැනගෙන සිටීම ය. ඔබේ සහකාරී වූ ඈට පක්ෂපාත ව සිටින බවට දෙවියන් වහන්සේට ඔබ පොරොන්දු වූ නමුත් ඈට දුන් පොරොන්දුව ඔබ කඩ කර ඇත.


නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය.


උන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙළා, “ශුද්ධාත්මයාණන් පිළිගන්න;


ඔබ වනාහි දිවැසිවරුන්ගේ ද ‘ඔබේ වංශය කරණකොටගෙන මිහි පිට සියලු පවුල් ආශීර්වාද කරනු ලබන්නේ ය’යි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට වදාරමින් ඔබේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ වන්නහු ය.


මන්ද, කිතුනු නොවන ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. කිතුනු නොවන භාර්යාව ද, ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔව්හු දෙවියන් වහන්සේට අයිති ය.


එහෙත්, අනාචාරය බහුල ව පවතින නිසා හැම මිනිසෙකුට ම භාර්යාවක් ද හැම ස්ත්‍රියකට ම ස්වාමි පුරුෂයෙකු ද සිටිය යුතු ය.


ඔබට පියෙක් වන්නෙමි. ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිඳාණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.


එසේ කළොත්, අන් දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරනු පිණිස, මා අනුගමනය කිරීමෙන් ඔව්හු ඔබේ පුත්‍රයන් වළක්වන්නෝ ය. එවිට සමිඳාණන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ විගස ඔබ වනසාලනු ඇත.


එසේ පත් කරන මූලිකයා නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් පමණක් සිටින, කල්ක්‍රියාව ගැන සැකයට කරුණක් නැති, මනා හැසිරීමක් ඇති, ඇදහිලිවන්ත දරුවන් සිටින තැනැත්තෙකු විය යුතු ය.


සමිඳාණන් වහන්සේ මේ කාන්තාවගෙන් ඔබට දෙන දරුවන් කරණකොටගෙන ඔබේ පවුල ජුදාගේ ද තාමාර්ගේ ද පුත් පෙරෙශ්ගේ වංශය මෙන් වේ වා!”


ඒ අවස්ථාවල දී ඒලී එල්කානාටත්, ඔහුගේ භාර්යාවටත් ආශීර්වාද කරමින්, “ඔබ දෙපළ සමිඳාණන් වහන්සේට දුන් දීමනාව වෙනුවට සමිඳාණන් වහන්සේ ඔබට මේ ස්ත්‍රියගෙන් දරු පරපුරක් දෙන සේක් වා”යි කීවේ ය. ඉන්පසු ඔව්හු සිය ගෙදරට ගියෝ ය.