ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




පිලිප්පි 1:21 - Sinhala New Revised Version 2018

මට ජීවත් වීම නම්, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මට ජීවත් වීම නම්, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මට, ජීවත්වීම ක්‍රිස්තුස්වහන්සේ ය. මරණය මට ලාභයකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක්‍රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණයද මට ලාභයක්ය.

පරිච්ඡේදය බලන්න



පිලිප්පි 1:21
16 හුවමාරු යොමු  

ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධ ව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේත් දේව ක්‍රියාවෙන් ය. ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපි දමිටු කරනු ලැබ, උන් වහන්සේගේ සෙනඟ වී, නිදහස ලබා සිටිමු.


පාවුලු, අපොල්ලොස්, කේපස් යන සියල්ලන් ද, ලෝකය, ජීවනය, මරණය, වර්තමානය, අනාගතය යන සියල්ල ද ඔබගේ ය.


කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.


එබැවින් අපි සැම විට ම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නමැති නිවාසයෙහි සිටින තුරු, අපි සමිඳාණන් වහන්සේගෙන් ඈත් ව සිටින බව දනිමු.


අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු.


මම ක්‍රිස්තුන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි; ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ; ක්‍රිස්තුන් වහන්සේ මා තුළ ජීවත් වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළ මා උදෙසා සිය දිවි දුන්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි.


එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.


මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය.


එහෙත් මිහි පිට ජීවත්වීමෙන් යම් වැඩදායි සේවයක් කළ හැකි නම්, මේ දෙකින් කුමක් තෝරාගන්නට දැ යි මම නොදනිමි.


මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය.


සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති.


අපේ ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට, ඔබත් උන් වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශ වනු ඇත.


එවිට: “මෙතැන් පටන් සමිඳාණන් වහන්සේ තුළ නසින්නෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේ ය. “එසේ ය, ඔව්හු තමන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති: ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේ ය”යි ආත්මයාණන් වහන්සේ වදාරන සේක.