ඔව්හු මිසියේ සීමාව තෙක් අවුත්, බිතිනියට යන්නට උත්සාහ කළහ. එහෙත් ජේසුස් වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්හ.
පිලිප්පි 1:19 - Sinhala New Revised Version 2018 ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි. Sinhala New Revised Version ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබගේ යාච්ඤා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් දෙන ලද උපකාර ද නිසා, ඒ දෑ මගේ නිදහසට හේතු වන බැව් මා දන්නා බැවිනි. Sinhala Revised Old Version මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි. |
ඔව්හු මිසියේ සීමාව තෙක් අවුත්, බිතිනියට යන්නට උත්සාහ කළහ. එහෙත් ජේසුස් වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්හ.
තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.
එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සැබැවින් ම ඔබ තුළ වාසය කරන සේක් නම්, ඔබ ජීවත් වන්නේ මාංසික තෘෂ්ණාවල නොව, ආත්මයාණන් තුළ ය. යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන් නැති නම්, ඔහු උන් වහන්සේට අයිති නැත.
එබැවින් මේ සඳහා සමිඳාණන් වහන්සේ තුළ මට ප්‍රියාදර, විශ්වාසවන්ත පුත්‍රයෙකු වන තිමෝතියස් ඔබ වෙත එවමි. ඔහු හැමතැන, හැම සභාවල මා උගන්වන ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ මාගේ සදාචාර පිළිවෙත් ඔබට සිහිගන්වනු ඇත.
ඔබත් සහයෝගී ව, අප උදෙසා යාච්ඤා කළොත්, උන් වහන්සේ තවදුරටත් අප මුදාලන සේක. මෙලෙස දෙවියන් වහන්සේ අපට දුන් වරප්‍රසාදය ගැන බොහෝ දෙනෙකු උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනු ඇත.
දෙවියන් වහන්සේ ආත්මයාණන් එවා, ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසා ද, නැත්නම් සුබ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසා ද?
තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, “අබ්බා, පියාණෙනි,” කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක.
කෙසේ වූවත් කමක් නැත. වංක ලෙස වේ වා, අවංක ලෙස වේ වා, හැම අයුරින් ම ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරනු ලබන බැවින් ඒ ගැන ප්‍රීති වෙමි. මතු ද ප්‍රීති වන්නෙමි.
ඔවුන් තුළ වූ ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්, ක්‍රිස්තුන් වහන්සේට නියම වූ වද විඳීම ද ඉන්පසු පැමිණෙන තේජස ද ගැන කල් තියා පැවසූ විට, ඉන් හඟවනු ලැබුවේ කවර කාලයක් ද කවර ආකාරයක් දැ යි ඔව්හු සොයා බැලූ හ.