ප්‍රේම ගී 8:2 - Sinhala New Revised Version 2018 මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි. ඔබ මට උගන්වන්නෙහි ය. මිශ්‍ර කළ මුද්‍රික පානය ද දෙළුම් යුස ද මම ඔබට බොන්න දෙන්නෙමි. Sinhala New Revised Version මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි. ඔබ මට උගන්වන්නෙහි ය. මිශ්‍ර කළ මුද්‍රික පානය ද දෙළුම් යුස ද මම ඔබට බොන්න දෙන්නෙමි. Sinhala Revised Old Version මම නුඹ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි, නුඹ මට උගන්වන්නෙහිය. මිශ්‍රකළ මුද්‍රිකපානයද දෙළුම් යුසද නුඹට බොන්ට දෙන්නෙමි. |
මා මඳක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙදරටත්, මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදුනිමි.
මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබේ ප්‍රේමය කොපමණ මිහිරි ද? ඔබේ ප්‍රේමය මිදියුසටත්, ඔබේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ අගනේ ද?
අපි අලුයම නැඟිට මිදි වතුවලට ගොස්, මිදි වැල් දලු ලා මල් පිපුණේ ද දෙළුම් ගස්වල මල් පිපී තිබේ ද කියා බලමු. එහි දී මාගේ ප්‍රේමය ඔබට පිරිනමන්නෙමි.
ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා! ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා!
අනේ! ඔබ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවා වූ මාගේ සොහොයුරා මෙන් වී නම් මම කැමැත්තෙමි. එවිට පිටත දී ඔබ මට හමු වූ කල ඔබ මා සිඹගත්තත් කිසිවෙක් මා හෙළා නො දක්නේ ය.
ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය.
ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.
ඒ නිසා දිවැසිවරුන් ප්‍රකාශ කළ පණිවුඩය වඩාත් ස්ථිර ලෙස අප සතු ව ඇත. ඔබේ අවධානය ඊට යොමු කිරීම යෙහෙකි. මන්ද, එය අලුයම පැමිණ, පහන් තරුව ඔබගේ සිත්හි උදා වන තුරු, අඳුරු තැනක බබළන පහනක් මෙනි.
එවිට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු: “මට නමස්කාර නොකරන්න. මම, ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ හවුල් සේවකයෙක් වෙමි. ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය අප හැම සතු ය. ඔබ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු ය”යි මට කී ය. ඒ ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය දිවැසිවරයන්ගේ ජීව බලය වන බැවිනි.