ප්‍රේම ගී 5:11 - Sinhala New Revised Version 2018 ඔහුගේ හිස ඉතා පිවිතුරු රත්රන් මෙන් ය. ඔහුගේ කෙස් රොද රැලි සහිත ය; කපුටුවෙකුගේ මෙන් කාලවර්ණ ය. Sinhala New Revised Version ඔහුගේ හිස ඉතා පිවිතුරු රත්රන් මෙන් ය. ඔහුගේ කෙස් රොද රැලි සහිත ය; කපුටුවෙකුගේ මෙන් කාලවර්ණ ය. Sinhala Revised Old Version ඔහුගේ හිස ඉතා පවිත්‍ර රත්රන් මෙන්ය, ඔහුගේ කෙස් රොද ඝනය, කපුටුවා මෙන් කළුය. |
මම නිදාගෙන සිටියෙමි. එහෙත්, මාගේ සිත පිබිද තිබිණි. අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ඔහු මා අමතමින් මෙසේ කී ය; මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න. මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ.
ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය. ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය. රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි.
උන් වහන්සේගේ හිස ද හිසකෙස් ද ලෝම මෙන් ද හිම මෙන් ද සුදෝසුදු ය; ඇස් ගිනි දැල්ලක් හා සමාන ය;