ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ.
නෙහෙමියා 9:9 - Sinhala New Revised Version 2018 “තවද, මිසරයේ දී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටු සේක. රතු මුහුද ළඟ දී ඔවුන්ගේ මොරගැසීම ද ඔබ ඇසූ සේක. Sinhala New Revised Version “තවද, මිසරයේ දී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටු සේක. රතු මුහුද ළඟ දී ඔවුන්ගේ මොරගැසීම ද ඔබ ඇසූ සේක. Sinhala Revised Old Version තවද මිසරයේදී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටුසේක, රතු මුහුද ළඟදී ඔවුන්ගේ මොරගැසීමද ඔබ ඇසූසේක; |
ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ.
“නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි.
මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි.
මිසරයෙහි වසන මාගේ ජනතාව විඳින පීඩා සැබැවින් ම දිටිමි; ඔවුන්ගේ සුසුම්ලෑම ඇසීමි; ඔවුන් ගළවන පිණිස බැස ආවෙමි; එනු, මම දැන් නුඹ මිසරයට යවමි’යි වදාළ සේක.
ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’