එහෙත්, දැන් අදොනියා කුමරු රජ වී සිටියි. මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබ එය නොදන්නෙහි ය.
නෙහෙමියා 6:7 - Sinhala New Revised Version 2018 තවද, ජුදාහි රජෙක් සිටි යි කියමින් ඔබ ගැන ම ජෙරුසලමෙහි නිවේදනයක් කරනු පිණිස දිවැසිවරුන්ට නියම කර ඇත. ඉතින් මේ ගැන රජ්ජුරුවන්ට සත්තකින් ම ආරංචි වනු ඇත. ඒ නිසා එන්න, අපි එක් ව මන්ත්‍රණය කරගනිමු.” Sinhala New Revised Version තවද, ජුදාහි රජෙක් සිටි යි කියමින් ඔබ ගැන ම ජෙරුසලමෙහි නිවේදනයක් කරනු පිණිස දිවැසිවරුන්ට නියම කර ඇත. ඉතින් මේ ගැන රජ්ජුරුවන්ට සත්තකින් ම ආරංචි වනු ඇත. ඒ නිසා එන්න, අපි එක් ව මන්ත්‍රණය කරගනිමු.” Sinhala Revised Old Version යූදාහි රජෙක් සිටීයයි නුඹ ගැන යෙරුසලමෙහි ප්‍රකාශකරන්ට නුඹ ප්‍රොපේතවරුන් නියමකළ බවත් මේ ජාතීන් අතරෙහි සැලවී තිබේ, ගෂ්මු තෙමේද එසේ කියයි. ඉතින් මේ වචනවල හැටියට රජ්ජුරුවන්ට දන්වනු ලබනවා ඇත. ඒ නිසා එන්න, අපි එක්ව මන්ත්‍රණයකරගනිමු යනුයි. |
එහෙත්, දැන් අදොනියා කුමරු රජ වී සිටියි. මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබ එය නොදන්නෙහි ය.
මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති.
එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න.
ඔහු ශෙරුයාගේ පුත් ජෝවාබ් සහ අබියාතර් නමැති පූජකවරයා සමඟ සම්මන්ත්‍රණය කෙළේ ය. මොවුහු ද අදොනියාට පක්ෂ වී ඔහුට උපකාර කළෝ ය.
එහි මෙසේ ලියා තිබුණේ ය: “ඔබත්, ජුදෙව්වරුනුත් කැරලිගසන්නට සිතන බව මේ ජාතීන් අතරෙහි සැළ වී තිබේ. ගෂ්මු තෙමේ ද එය අනුමත කරයි. ඔබ පවුර ගොඩනඟන්නේ ඒ නිසා බවත්, මෙයාකාරයෙන් ඔබ ඔවුන්ගේ රජ වන්නට සිතන බවත් ඒ වාර්තාවෙන් පෙනේ.
මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, “ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි.
එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.