තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, “ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ.
නෙහෙමියා 4:13 - Sinhala New Revised Version 2018 ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි. Sinhala New Revised Version ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි. Sinhala Revised Old Version ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත්වූ එළිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙවුවෙමි. |
තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, “ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ.
මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, “මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි.
“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.
සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.