මෙසේ ඔව්හු ඈට යන්නට ඉඩ හැරියෝ ය. ඈ රජ ගෙදරට අශ්වයන් ඇතුළු වන මාර්ගයෙන් ගෙන ගිය විට එහි දී මරනු ලැබුවා ය.
නෙහෙමියා 3:28 - Sinhala New Revised Version 2018 පූජකයෝ එකිනෙකා අශ්ව දොරටුවට ඉහළින්, තම තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කළෝ ය. Sinhala New Revised Version පූජකයෝ එකිනෙකා අශ්ව දොරටුවට ඉහළින්, තම තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කළෝ ය. Sinhala Revised Old Version අශ්ව දොරටුවට ඉහළින් පූජකයෝ එකිනෙකා තම තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකළෝය. |
මෙසේ ඔව්හු ඈට යන්නට ඉඩ හැරියෝ ය. ඈ රජ ගෙදරට අශ්වයන් ඇතුළු වන මාර්ගයෙන් ගෙන ගිය විට එහි දී මරනු ලැබුවා ය.
ඔව්හු ඇය අත්අඩංගුවට ගත්හ; ඈ රජ ගෙදරට ගෙන ගියෝ ය. එහි දී අශ්ව දොරටුව ළඟ ඔව්හු ඈ මැරුවෝ ය.
ඔහුට පසු ව හරුමප්ගේ පුත් ජෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව හෂබ්නෙයාගේ පුත් හට්ටුෂ් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
ඔවුන්ට පසු ව බෙන්ජමින් ද හෂ්ෂුබ් ද තමන්ගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කළෝය. ඔවුන්ට පසු ව අනනීයාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් අශරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියා කෙළේ ය.
ඔවුන්ට පසු ව ඉම්මෙර්ගේ පුත් ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව නැගෙනහිර දොරටුවේ රැකවලා වූ ෂෙකනියාගේ පුත් ෂෙමායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
මළකඳන් හා අළු දමන මුළු මිටියාවත ද කිද්‍රොන් මිටියාවත දක්වා ද නැගෙනහිර තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වා ද සියලු පිට්ටනි ස්වාමීන් වන මට ශුද්ධ වන්නේ ය. නගරය කිසි කලෙක උදුරනු නොලබන්නේ ය. හෙළාදමනු නොලබන්නේ ය.”