නෙහෙමියා 3:20 - Sinhala New Revised Version 2018 ඔහුට පසු ව සබ්බයිගේ පුත් බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයා වූ එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ උනන්දුවෙන් කෙළේ ය. Sinhala New Revised Version ඔහුට පසු ව සබ්බයිගේ පුත් බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයා වූ එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ උනන්දුවෙන් කෙළේ ය. Sinhala Revised Old Version ඔහු ගාව සබ්බයිගේ පුත්‍රවූ බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයාවූ එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් ජ්වලිතකමින් අලුත්වැඩියාකෙළේය. |
උත්තම පූජක වූ එලියාෂිබ්ගේ පුත්‍රයා වන ජෝයාදාගේ පුත්‍රයෙකු හොරොනීය ජාතික සන්බලට්ට බෑණා ව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙව්වෙමි.
මීට පෙර අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා බාර ව සිටි පූජක එලියාෂිබ් ටෝබියාට විවාහයෙන් නෑකමක් ඇති ව සිටියේ ය.
එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.
ඔහුට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂිබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.
ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.