නෙහෙමියා 11:24 - Sinhala New Revised Version 2018 ජුදාගේ පුත්‍රයා වන ශෙරාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මෙෂේශබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේ ය. Sinhala New Revised Version ජුදාගේ පුත්‍රයා වන ශෙරාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මෙෂේශබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේ ය. Sinhala Revised Old Version යූදාගේ පුත්‍රයා වන සෙරාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මෙෂශෙබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේය. |
ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්;
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ ද රාජ සේවයේ ප්‍රධානියන් ව සිටියහ.
මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ පූප ද
ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;
ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හෙශ්‍රොන් ද, හෙශ්‍රොන්ට දාව ආරාම් ද,