ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය.
නෙහෙමියා 11:21 - Sinhala New Revised Version 2018 එහෙත්, දේව මාලිගාවේ සේවය කරන්නෝ ඕපෙල්හි වාසය කළෝ ය. ශීහා ද ගිෂ්පා ද දේව මාලිගාවේ සේවකයන්ට ප්‍රධානියන් ව සිටියෝ ය. Sinhala New Revised Version එහෙත්, දේව මාලිගාවේ සේවය කරන්නෝ ඕපෙල්හි වාසය කළෝ ය. ශීහා ද ගිෂ්පා ද දේව මාලිගාවේ සේවකයන්ට ප්‍රධානියන් ව සිටියෝ ය. Sinhala Revised Old Version නුමුත් නෙතිනීම්වරු ඕපෙල්හි වාසයකළෝය. ශීහාද ගිෂ්පාද නෙතිනීම්වරුන්ට ප්‍රධානියෝව සිටියෝය. |
ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය.
දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;
එකල ඕපෙල්හි විසූ දේව මාලිගයේ සේවකයෝ නැගෙනහිර දිශාවේ වතුර දොරටුව ද පිටතින් තිබෙන කොත ඉදිරිපිට තැන දක්වා අලුත්වැඩියා කළෝ ය.
ඔහුට පසු ව රන්කරුවෙකු වූ මල්කියා මුර දොරටුව ඉදිරිපිට දේව මාලිගාවේ සේවකයන්ගේ ද වෙළෙන්දන්ගේ ද ගෙවල් දක්වාත්, කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.