ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 11:14 - Sinhala New Revised Version 2018

බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅටදෙනෙක් ද යන මොවුහු ය. හග්ගෙදෝලීම්ගේ පුත් ශබ්දීයෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅටදෙනෙක් ද යන මොවුහු ය. හග්ගෙදෝලීම්ගේ පුත් ශබ්දීයෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්වූ ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅට දෙනෙක්ද යන මොව්හුය. හග්ගෙදෝලීම්ගේ පුත්‍රවූ සබ්දීයෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 11:14
6 හුවමාරු යොමු  

ඔහුගේ පුත් ෂෙමායාට දාව පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු බලවන්ත මනුෂ්‍යයන් ව සිටි නිසා තමන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයන් ව සිටියෝ ය.


තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්.


පිය වංශවල ප්‍රධානීන් වන ඔහුගේ සහෝදරයන් දෙසිය හතළිස්දෙදෙනෙක් ද ඉම්මෙර්ගේ පුත් මෙෂිල්ලේමොත්ගේ පුත්‍රයා වන ආසයිගේ පුත් අශරියෙල්ගේ පුත්‍රයා වන අමෂ්සයි ද


ලෙවීවරුන්ගෙන්, බුන්නීගේ පුත් හෂබියාගේ පුත්‍රයා වන අශ්රීකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ද


ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.


මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.