නෙහෙමියා 10:5 - Sinhala New Revised Version 2018 හාරීම් ද මෙරේමොත් ද ඔබදියා ද; Sinhala New Revised Version හාරීම් ද මෙරේමොත් ද ඔබදියා ද; Sinhala Revised Old Version හාරීම්ද මෙරේමොත්ද ඔබදියාද; |
ඔහුට පසු ව හරුමප්ගේ පුත් ජෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව හෂබ්නෙයාගේ පුත් හට්ටුෂ් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
හාරීම්ගේ පුත් මල්කියා ද පාහත්-මෝවබ්ගේ පුත් හප්ෂුබ් ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියා කළෝ ය.
ඔහුට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂිබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.
ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.