සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි.
නික්මයාම 8:26 - Sinhala New Revised Version 2018 මෝසෙස් පිළිතුරු දෙමින්, “එසේ කිරීම හරි නැත. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේට අප පූජා කරන සතුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි. හොඳයි, ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ම ඔවුන් පිළිකුලක් මෙන් සලකන පූජා අප ඔප්පු කළොත් ඔවුන් අපට ගල් ගසන්නේ නැද් ද? Sinhala New Revised Version මෝසෙස් පිළිතුරු දෙමින්, “එසේ කිරීම හරි නැත. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේට අප පූජා කරන සතුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි. හොඳයි, ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ම ඔවුන් පිළිකුලක් මෙන් සලකන පූජා අප ඔප්පු කළොත් ඔවුන් අපට ගල් ගසන්නේ නැද් ද? Sinhala Revised Old Version මෝසෙස්ද: එසේ කරන්ට යුතු නැත; එසේ කළොත් මිසරවරුන්ට පිළිකුලක් වන ලෙස අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නෙමුව. මිසරවරුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ට පිළිකුලක් වන ලෙස පූජා ඔප්පුකරන්නෙමුද? එවිට ඔව්හු අපට ගල්නොගසන්නෝද? |
සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි.
ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.
තවද, රජ තෙම ජෙරුසලම ඉදිරිපිට ඔලීව කන්දට දකුණෙන් තිබූ සීදොන්වරුන්ගේ පිළිකුල වූ අෂ්ටාරොත්ටත්, මෝවබ්වරුන්ගේ පිළිකුල වූ කෙමොෂ්ටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල වූ මිල්කොම්ටත් ඉශ්රායෙල් රජ වූ සලමොන් විසින් ගොඩනැඟුණු ගිරිකුළු දේවාල දූෂ්‍ය කෙළේ ය.
“මේ කටයුතු නිම වූ කල, අධිපතීහු මා ළඟට අවුත් කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ ද පූජකයන් හා ලෙවීවරුන් ද විදේශ වැසියන් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද මිසරවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පිළිකුල් ක්‍රියාවලින් වැළකී සිටියේ නැත.
ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න.
එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “මාගෙන් ද මාගේ සෙනඟගෙන් ද මැඩියන් පහ කරන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස මම සෙනඟට යන්න අවසර දෙමි”යි කී ය.
තමා එක ම ලීයක කොටසකින් දර ලබාගෙන, රොටි පුළුස්සා, මස් බැද කන බවත්, ඉතිරි කොටසින් පිළිකුල් දේව රූපයක් කපාගෙන ලී කඳකට නමස්කාර කරන බවත් දැනගන්නට ඔවුන්ට තේරුමක් නැත.