උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥයන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය.
නික්මයාම 8:18 - Sinhala New Revised Version 2018 එවිට ඉන්ද්‍රජාලිකයන් ද තමන්ගේ ඇස්බැන්දුම් මඟින් කිනිතුල්ලන් හටගැන්වීමට වැර දැරූ නමුත් ඔව්හු ඊට අපොහොසත් වූ හ. මෙලෙස මිනිසා පිට හා මෘගයන් පිටත් කිනිතුල්ලෝ බෝ වූ හ. Sinhala New Revised Version එවිට ඉන්ද්‍රජාලිකයන් ද තමන්ගේ ඇස්බැන්දුම් මඟින් කිනිතුල්ලන් හටගැන්වීමට වැර දැරූ නමුත් ඔව්හු ඊට අපොහොසත් වූ හ. මෙලෙස මිනිසා පිට හා මෘගයන් පිටත් කිනිතුල්ලෝ බෝ වූ හ. Sinhala Revised Old Version මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් කිනිතුල්ලන් උපදවන්ට වෑයම් කළෝය, නුමුත් නොහැකිවූවෝය. මනුෂ්‍යයන් හා මෘගයන් පිට කිනිතුල්ලෝ වූවෝය. |
උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥයන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය.
එවිට තුන් දිනක් පුරා ඔවුන්ට එකිනෙකා නොපෙනී ගොස් ඔව්හු සිටි තැන ම නොසෙල්වී සිටියහ. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනතාවට තමන් විසූ තැන්වල ආලෝකය ඇති විය.
එවිට පාරාවෝ, ශාස්ත්‍රවන්තයන් හා අනවිනකාරයන් කැඳවී ය. මිසරයේ ඒ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස ම කළහ.
ඔවුන් සැම දෙනෙකු ම තම තමන්ගේ සැරයටි බිම දැමූ විට ඒවා සර්පයෝ වූ හ. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලදැමී ය.
ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම් මඟින් එලෙස කර මිසර දේශයෙහි මැඩියන් හටගන්නට සැලැස්වූ හ.
එවිට ගඩු නිසා ඉන්ද්‍රජාලිකයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්න නොහැකි විය. මන්ද, ඉන්ද්‍රජාලිකයන් හා මිසර වාසීන් සියල්ලන් මත ගඩු හට ගැනිණි.
මිසරයේ රජතුමෙනි, ඔබේ දක්ෂ උපදේශකයෝ කොහේ ද? සමහර විට සව් බලැති සමිඳුන් මිසරයට විරුද්ධ ව අදහස් කර ඇති දේ ඔබට දන්වන්නට ඔවුන්ට හැකි වනු ඇත.