ඔබ ඔවුන්ට පිදුරු සපයන්නේත් නැත; එහෙත්, ‘පිදුරු නැති ව ගඩොල් සාදන්නැ’යි අපට කීම හරි පුදුම කීමකි. ඔව්හු ඔබේ දාසයන්ට පහර දෙති. එහෙත්, වරද ඇත්තේ ඔබේ ම සෙනඟ අතේ නොවේ දැ”යි ඇසූ හ.
නික්මයාම 5:17 - Sinhala New Revised Version 2018 එවිට පාරාවෝ කතා කොට, “නුඹලා අලස ය, කම්මැලි ය, ‘අපි ගොස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරමු’යි නුඹලා කියන්නේ ඒ නිසා ය. Sinhala New Revised Version එවිට පාරාවෝ කතා කොට, “නුඹලා අලස ය, කම්මැලි ය, ‘අපි ගොස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරමු’යි නුඹලා කියන්නේ ඒ නිසා ය. Sinhala Revised Old Version එහෙත් ඔහු: නුඹලා කම්මැළිය, නුඹලා කම්මැළිය. එබැවින්–අපි ගොස් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමුයයි කියන්නහුය. |
ඔබ ඔවුන්ට පිදුරු සපයන්නේත් නැත; එහෙත්, ‘පිදුරු නැති ව ගඩොල් සාදන්නැ’යි අපට කීම හරි පුදුම කීමකි. ඔව්හු ඔබේ දාසයන්ට පහර දෙති. එහෙත්, වරද ඇත්තේ ඔබේ ම සෙනඟ අතේ නොවේ දැ”යි ඇසූ හ.
දැන් ඉතින් වැඩට ආපසු පලයව්; නුඹලාට කොහෙත් ම පිදුරු සපයනු නොලැබේ. එහෙත්, නියමිත ගඩොල් ගණන බාර දිය යුතු ම ය”යි කී ය.
එහෙත්, මේ දක්වා ඔවුන් සෑදූ ගඩොල් ගණන ම තැනිය යුතුයි. ඉන් කිසිවක් අඩු නොකරන්න, ඔව්හු දැන් අලස ය. එබැවින්, ‘අපගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්න අපට යන්න දෙන්න’ කියා මොරගසති.
නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.