නික්මයාම 5:15 - Sinhala New Revised Version 2018 එවිට ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු පාරාවෝ වෙත ගොස් පැමිණිලි කරමින්, “ඔබේ දාසයන්ට ඔබ මෙසේ කරන්නේ මන් ද? Sinhala New Revised Version එවිට ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු පාරාවෝ වෙත ගොස් පැමිණිලි කරමින්, “ඔබේ දාසයන්ට ඔබ මෙසේ කරන්නේ මන් ද? Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු අවුත් ඵාරාවෝට කන්නලව්කරමින්: ඔබගේ මෙහෙකරුවන්ට මෙසේ කරන්නේ මක්නිසාද? |
එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා නගර ගොඩනැඟුවහු ය.
තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, “මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ.
ඔබ ඔවුන්ට පිදුරු සපයන්නේත් නැත; එහෙත්, ‘පිදුරු නැති ව ගඩොල් සාදන්නැ’යි අපට කීම හරි පුදුම කීමකි. ඔව්හු ඔබේ දාසයන්ට පහර දෙති. එහෙත්, වරද ඇත්තේ ඔබේ ම සෙනඟ අතේ නොවේ දැ”යි ඇසූ හ.