නික්මයාම 40:17 - Sinhala New Revised Version 2018 මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේ දී මණ්ඩපය ඉදි කරන ලදී. Sinhala New Revised Version මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේ දී මණ්ඩපය ඉදි කරන ලදී. Sinhala Revised Old Version දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනි දවසේදී මණ්ඩපය පිහිටුවනලද්දේය. |
මෝසෙස් ද මණ්ඩපය ඉදි කොට, එහි තවු සවි කර, ලෑලි ගසා, හරස් ලී දමා, එහි කුලුණු කෙළින් කෙළේ ය.
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ විසි වන දින දී, සම්මුඛ මණ්ඩපයට ඉහළින් වලාකුළ ඉවතට ගන්නා ලදී.
මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය.
ඉශ්රායෙල් ජනයා මිසරයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ දී, සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,
මණ්ඩපය ඉදි කළ දවසේ දී, වලාකුළක් විත් සම්මුඛ මණ්ඩපය වසා ගත්තේ ය. සවස පටන් උදය දක්වා ගින්න වැනි පෙනුමක් එහි තිබිණි.