නික්මයාම 40:16 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය. Sinhala Revised Old Version මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය. |
ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.”
එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.
ඔහු සතාගේ අතුණු හා කකුල් වතුරෙන් සෝදා සතා මුළුමනින් ම පූජාසනය මත දැවී ය. එය වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳක් සහිත දවන යාග පූජාවකි.
ඔහුගේ හිස මත මකුටය ද ඊට උඩින් ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ කිරීටය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තැබුවේ ය.
මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.
දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ;
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.
මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.
මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාස ව සිටි සේ ම, ජේසුස් වහන්සේ ද තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාස ව සිටින සේක.
සැබැවින් ම මෝසෙස්, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය.