ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 39:5 - Sinhala New Revised Version 2018

එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ පිට තිබුණාවූ ඒක බඳින විසිතුරු පටිය ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඒකේ වැඩ වාගේ රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද යුක්තව ඊට සම්බන්ධකොට සෑදුවේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 39:5
10 හුවමාරු යොමු  

නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල් ද, සිහින් හණ රෙදි හා එළු ලොම් ද,


එහි මනා සේ ගොතන ලද බඳපටිය ද සැට්ටය සමඟ එකට සම්බන්ධ ව, එය මෙන් ම රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සෑදූ එකක් විය යුතු ය.


ඉන්පසු නුඹ වස්ත්‍ර ගෙන, ආරොන්ට කබාය ද ඒපොද් සැට්ටයේ සළුව ද ඒපොද් සැට්ටය ද ළය වැස්ම ද පළඳවා, ඒපොද් සැට්ටයේ ගෙත්තම් කළ බඳපටිය ඔහුගේ ඉණ වටා දැමිය යුතු ය.


ඉන්පසු ඒපොද් නම් සැට්ටය සඳහා එය යා කිරීමට උර පටි ද සාදන ලදු ව, එහි දෙකෙළවරට ඒවා සම්බන්ධ කරන ලදී.


ඔව්හු නඛමාණික්‍ය සාදා ඒවා රන් කෙවෙණිවලට එබ්බූ හ. මුද්‍රා කැටයම් කලාව අනුව, ඉශ්රායෙල් ජනතාවගේ නාම ඒවායේ කැටයම් කරන ලදී.


යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.


පසුව මෝසෙස් ඔහුට කබාය හඳවා, ඉඟපටිය බැඳ, සළුව පළඳවා, ඒපොද් නම් සැට්ටය ඔහු පිට දමා, එම සැට්ටයේ ගෙත්තම් කළ පටියෙන් ඔහු ඉණ වටකර බැඳ එය සවි කෙළේ ය.


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී පූපයක් රැගෙන,


ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි.