ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 39:41 - Sinhala New Revised Version 2018

ශුද්ධස්ථානයේ සේවාව සඳහා සියුම් ව වියන ලද සේවා පිළි ද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර ද ගෙනාහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ශුද්ධස්ථානයේ සේවාව සඳහා සියුම් ව වියන ලද සේවා පිළි ද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර ද ගෙනාහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ශුද්ධස්ථානයෙහි මෙහෙකිරීමට සියුම්කොට සාදනලද ඇඳුම්ද පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද මෝසෙස් ළඟට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 39:41
7 හුවමාරු යොමු  

නුඹේ සහෝදරයා වන ආරොන් සඳහා ගරුත්වය හා අලංකාරය ගෙන දෙන ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු ය.


ළය වැස්ම ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද පිණිසත්, එය ඒපොද් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි වළලු ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද යුතු ය.


“ආරොන්ගේ පුත්‍රයන්ට ද ගරුත්වය හා අලංකාරය ගෙන දෙන කබා ද බඳපටි ද ශිරස්ක ද සෑදිය යුතු ය.


විචිත්‍ර වස්ත්‍ර වන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර,


තවද ඔව්හු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ගෙන ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා පූජක සේවා නිල ඇඳුම් සෑදූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ආරොන් සඳහා ශුද්ධ වස්ත්‍ර සාදන ලදී.


මළුවේ තිර හා කුලුණු ද ඒවායේ තවු ද මළුවේ දොරටුවට සැදූ කඩතුරාව ද එහි ලණු හා කූඤ්ඤ ද මණ්ඩපයේ හා සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා වූ උපකරණ සියල්ල ද


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල ඉටු කළහ.