ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවර ද රන් කෙවෙණි දෙකට අමුණා, ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට ඉස්සරහින් තැබිය යුතු යි.
නික්මයාම 39:4 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඒපොද් නම් සැට්ටය සඳහා එය යා කිරීමට උර පටි ද සාදන ලදු ව, එහි දෙකෙළවරට ඒවා සම්බන්ධ කරන ලදී. Sinhala New Revised Version ඉන්පසු ඒපොද් නම් සැට්ටය සඳහා එය යා කිරීමට උර පටි ද සාදන ලදු ව, එහි දෙකෙළවරට ඒවා සම්බන්ධ කරන ලදී. Sinhala Revised Old Version ඔව්හු උරපටි ඊට සන්ධිකොට සෑදුවෝය. එය දෙකෙළවරින් එක්කරනලද්දේය. |
ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවර ද රන් කෙවෙණි දෙකට අමුණා, ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට ඉස්සරහින් තැබිය යුතු යි.
ඔව්හු රත්රන්, තුනී තහඩුවලට තළා, රන් කෙඳි කපා, ඒවායින් නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද ගෙත්තම් කොට මල් වැඩ දැමූ හ.
එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී.