ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 38:30 - Sinhala New Revised Version 2018

එයින් ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරටුවට තවු ද ලෝකඩ පූජාසනය සහ ලෝකඩ මැස්ස ද පූජාසනයේ සියලු උපකරණ ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එයින් ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරටුවට තවු ද ලෝකඩ පූජාසනය සහ ලෝකඩ මැස්ස ද පූජාසනයේ සියලු උපකරණ ද

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු එයින් සම්මුඛවීමේ කූඩාරමේ දොරටුවට අඩිද පිත්තල පූජාසනයද ඊට පිත්තල මැස්සද පූජාසනයේ සියලු භාජනද,

පරිච්ඡේදය බලන්න



නික්මයාම 38:30
7 හුවමාරු යොමු  

මේ කඩතුරාව සඳහා ෂිටිම් ලීවලින් කණු පහක් ගෙන ඒවා රනින් ආලේප කළ යුතු යි. ඒවාට රන් කොකු තිබිය යුතු අතර ඒවා සවි කිරීමට ලෝකඩයෙන් තවු පහක් ද වාත්තු කළ යුතු වේ.”


ඒවායේ කුලුණු සහ තවු විස්සක් ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.


මළුව වටේට ඇති කණු සියල්ල ම රිදී පොලුවලින් යා කළ යුතු ය. ඒවායේ වළලු රිදීයෙන් ද තවු ලෝකඩයෙන් ද තැනිය යුතු ය.


එය සමඟ ඒකාබද්ධ ව සිටින සේ එහි කොන් හතරේ අං හතරක් සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු යි.


ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය.


සමිඳාණන් වහන්සේට පිදූ ලෝකඩවල ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙදාස් හාරසිය විසිපහක් විය.


මළුව වටේට තිබූ තවු ද මළු දොරටුවේ තවු ද මණ්ඩපයේ හා මළුව වටේ තිබූ කූඤ්ඤ සියල්ල ද සෑදී ය.