සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය.
නික්මයාම 34:4 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපා අලුයමින් නැඟිට සීනයි කන්දට නැංගේ ය; ගල් පුවරු දෙක ද තම අතේ ගෙන ගියේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපා අලුයමින් නැඟිට සීනයි කන්දට නැංගේ ය; ගල් පුවරු දෙක ද තම අතේ ගෙන ගියේ ය. Sinhala Revised Old Version මෝසෙස් පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපා ගත්තේය; ඔහු උදෑසන නැගිට තමන් අතින් ගල්ලෑලි දෙක රැගෙන ස්වාමීන්වහන්සේ අණදුන් ලෙස සීනයි කන්දට නැගුණේය. |
සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය.
මෝසෙස් දෙවියන් වහන්සේ හමු වීමට කන්දට නැංගේ ය. එවිට සමිඳාණන් වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා, “නුඹ ජාකොබ්ගේ පෙළපත වන ඉශ්රායෙල් ජනයාට මෙසේ කිව යුතු ය:
ඒ ගල් පුවරු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විය. ඒවායේ කෙටූ ලියවිල්ල ද දෙවියන් වහන්සේගේ ම ලියවිල්ල විය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි.
“එකල සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘කලින් තිබුණු ගල් පුවරු මෙන් ගල් පුවරු දෙකක් කපාගෙන මා වෙත කන්ද මුදුනට අවුත් ලීයෙන් කරඬුවක් සාදන්න,
“මම ද ෂිටිම් ලීයෙන් කරඬුවක් සාදා, කලින් තිබූ පුවරු හා සමාන ගල් පුවරු දෙකක් කපාගෙන ඒ පුවරු දෙක අතට ගෙන කන්දට නැංගෙමි.