ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 32:23 - Sinhala New Revised Version 2018

ඔව්හු මට කතා කොට, ‘අපට පෙරටුව යෑමට දෙවියෙකු අපට සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා ඒ මෝසෙස් නම් මිනිසාට කුමක් වූයේ දැ යි අපි නොදනිමු’යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු මට කතා කොට, ‘අපට පෙරටුව යෑමට දෙවියෙකු අපට සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා ඒ මෝසෙස් නම් මිනිසාට කුමක් වූයේ දැ යි අපි නොදනිමු’යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කුමක් හෙයින්ද: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සාදන්න. මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වන මේ මෝසෙස්ට කුමක් සිදුවුණේදැයි නොදනිමුයයි ඔව්හු මට කීවෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 32:23
5 හුවමාරු යොමු  

මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක.


ආරොන්ට කතා කරමින්, ‘අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනව, මන්ද, මිසර දේශයෙන් අප ගෙන ආ ඒ මෝසෙස්ට කුමක් වී ද කියා නොදනිමු’යි කී හ.


සාවුල් පිළිතුරු දෙමින්, “මාගේ සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝ ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන් ද ගොනුන්ගෙන් ද ඉතා හොඳ සතුන් ඉතිරි කරගත්තෝ ය. සෙසු සතුන් අපි සහමුලින් ම විනාශ කර දැමුවෙමු”යි කීවේ ය.


එහෙත්, සෙනඟ විනාශ කළ යුතුව තිබූ දේවලින් ඉස්තරම් කොටස වන බැටළුවන් ද ගවයන් ද කොල්ලය අතරෙන් රැගෙන ගිල්ගාල්හි දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෝ ය”යි සාමුවෙල්ට කීවේ ය.