නික්මයාම 32:19 - Sinhala New Revised Version 2018 ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය. Sinhala New Revised Version ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය. Sinhala Revised Old Version තවද ඔහු කඳවුරට ළංවූ වහාම වස්සාද නැටීමද දුටුවේය. මෝසෙස්ගේ උදහස ඇවුළුණේය, ඔහු තමාගේ අතින් ලෑලි හෙළා කන්ද මුලදී ඒවා බින්දේය. |
ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.
එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද?
එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මට ඇසෙන ඒ හඬ, ජය ගොසක් නො ම වේ; පැරදුම් හඬක් ද නො ම වේ, එය ගී ගැයුමක් පමණක් වේ.”
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි.
ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී මා ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ව සිටිය දී මා සමඟ කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ඉන්පසු ජුදා හා ඉශ්රායෙල් අතරේ පැවති සමගිය බිඳෙන බව පෙන්වන පිණිස, ‘සමගිය’ යන නම ඇති සැරයටිය කැඩීමි.”
එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත.
ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.
උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.
“සෙනඟ කෑමටත් බීමටත් වාඩි වී රූප වන්දනා උත්සවයට නැඟී සිටියෝ ය” කියා ලියා ඇත. ඔවුන්ගෙන් සමහරෙකු මෙන් රූප වඳින්නන් නොවන්න.
නුඹ බිඳ දැමූ පළමු පුවරුවල තිබූ වචන මේ පුවරුවල නැවත මම ලියන්නෙමි. නුඹ ඒවා කරඬුව තුළ දැමිය යුතු ය’යි වදාළ සේක.
‘මේ නීතිය පිණිස එය සම්පූර්ණයෙන් අනුමත නොකරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.