මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
නික්මයාම 32:13 - Sinhala New Revised Version 2018 ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය. Sinhala New Revised Version ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය. Sinhala Revised Old Version ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද ඉශ්‍රායෙල්ද සිහිකළ මැනව, ඔබ ඔබවහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින්: නුඹලාගේ වංශය අහසේ තාරකා මෙන් බෝකොට මා කීවාවූ මේ මුළු දේශය නුඹලාගේ වංශයට දෙන්නෙමි, ඔව්හු එය සදාකාලේටම උරුමකරගන්නෝයයි ඔබ කීසේකැයි කීවේය. |
මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා
සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.
එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්
මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.
මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක.
සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා! මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා! ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”
“සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් දිවුරුම් දුන් පරිදි කානානිවරුන්ගේ දේශයට ඔබ පමුණුවා, එය ඔබට දුන් කල,
තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹත්, නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා සෙනඟත් මෙම ස්ථානයෙන් නික්ම, ‘මම නුඹලාගේ පෙළපතට දෙමි’යි කියා ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ දේශයට යන්න.
එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම වැඩි වර්ධනය කළ සේක. පුදුමයකි! අද දින ඔබ හැම ගණනින් අහසේ තරු හා සමාන ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවිනුත්, ඔබේ පියවරුන්ට උන් වහන්සේ දිවුළ පොරොන්දුව ඉටු කිරීමට කැමැති වූ බැවිනුත්, උන් වහන්සේ සිය බාහු බලය පෙන්වා, ඔබ මුදාගෙන අවුත්, මිසර රජ වූ පාරාවෝ ඔබ බැඳ සිටි වහල්කමේ බැමිවලින් ඔබ ගළවා ලූ සේක.
ඔබේ දාසයන් වන ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සිහි කළ මැනව. මේ සෙනඟගේ මුරණ්ඩුකම හෝ ඔවුන්ගේ දුෂ්ටකම හෝ පාප හෝ ඔබ නොසැලකුව මැනව.
මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්;