ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.
නික්මයාම 29:29 - Sinhala New Revised Version 2018 “ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර, ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන්ට හිමි වනු ඇත. ඔවුන් ඒවා පැළඳ ආලේපනය හා පූජකවරය ලැබිය යුතු යි. Sinhala New Revised Version “ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර, ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන්ට හිමි වනු ඇත. ඔවුන් ඒවා පැළඳ ආලේපනය හා පූජකවරය ලැබිය යුතු යි. Sinhala Revised Old Version ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර ඔහුගේ පුත්‍රයන් ඇඳගෙන ආලේප කරනුලැබීමටත් පත්කරනුලැබීමටත් ඔහුගෙන් පසු ඔවුන්ට වන්නේය. |
ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.
සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.
ආරොන්ගේ පුත්‍රයන් අතරින්, ඔහුගේ පූජක පදවියට පත් වන තැනැත්තා ශුද්ධස්ථානයේ සේවා කිරීම සඳහා සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට සත් දවසක් මේ වස්ත්‍ර පැළඳිය යුතු ය.”
ඉන්පසු නුඹ ආරොන් සහ ඔහුගේ පුතුන් ආලේප කොට ඔවුන් මට පූජක පදවියේ සේවා කරන පිණිස ඔවුන්ට පූජකවරය ප්‍රදානය කළ යුතු ය.
ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.”
තම පියා වෙනුවට පූජක නිලයේ සේවා කරනු පිණිස පූජකවරය ලබමින් ආලේප කරනු ලබන පූජකවරයා හණ පිළියෙන් සෑදූ ශුද්ධ වස්ත්‍ර ලාගෙන පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, ඉශ්රායෙල් ජනයා පුදන පූජාවලින් විශේෂ කොටසක් නුඹට උරුම කොට මම වෙන් කෙළෙමි. ඒවා සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුවන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කරන්නෙමි.
ජනතාව ඥාතියාගේ අතින් මිනීමරුවා බේරාගෙන, මොහු පැන ගිය අභය භූමි නගරයට ආපසු යැවිය යුතු ය. මොහු, ශුද්ධ තෙලින් තමා ආලේප කළ නායක පූජකයාගේ මරණය දක්වා එහි වසනු ඇත.