ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 28:8 - Sinhala New Revised Version 2018

එහි මනා සේ ගොතන ලද බඳපටිය ද සැට්ටය සමඟ එකට සම්බන්ධ ව, එය මෙන් ම රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සෑදූ එකක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි මනා සේ ගොතන ලද බඳපටිය ද සැට්ටය සමඟ එකට සම්බන්ධ ව, එය මෙන් ම රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සෑදූ එකක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බඳින පිණිස එය පිට තිබෙන්නාවූ රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද යුක්ත වූ විසිතුරු ආකාරයෙන් වියනලද්දාවූ පටිය එහි කර්මාන්තය ලෙස එය හා සම්බන්ධවී තිබිය යුතුය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 28:8
10 හුවමාරු යොමු  

එහි දෙකෙළවරේ සම්බන්ධ කරන උර පටි දෙක සවි කළ යුතු ය.


තවද, නුඹ නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්රායෙල් ජනයාගේ නාම ඒවායේ කැටයම් කළ යුතු වේ.


ඉන්පසු නුඹ වස්ත්‍ර ගෙන, ආරොන්ට කබාය ද ඒපොද් සැට්ටයේ සළුව ද ඒපොද් සැට්ටය ද ළය වැස්ම ද පළඳවා, ඒපොද් සැට්ටයේ ගෙත්තම් කළ බඳපටිය ඔහුගේ ඉණ වටා දැමිය යුතු ය.


එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී.


යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.


පසුව මෝසෙස් ඔහුට කබාය හඳවා, ඉඟපටිය බැඳ, සළුව පළඳවා, ඒපොද් නම් සැට්ටය ඔහු පිට දමා, එම සැට්ටයේ ගෙත්තම් කළ පටියෙන් ඔහු ඉණ වටකර බැඳ එය සවි කෙළේ ය.


එහෙයින්, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.


ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි.