ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 28:32 - Sinhala New Revised Version 2018

එහි මැද හිස දැමීමට සිදුරක් තිබිය යුතු අතර මේ සිදුර නොඉරෙන පිණිස, හම් කබායක සිදුර මෙන් එය වට වියන ලද වාටියක් තිබිය යුතු යි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි මැද හිස දැමීමට සිදුරක් තිබිය යුතු අතර මේ සිදුර නොඉරෙන පිණිස, හම් කබායක සිදුර මෙන් එය වට වියන ලද වාටියක් තිබිය යුතු යි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒකේ මැද ඉස දැමීමට සිදුරක් තිබිය යුතුය. ඒක නොඉරෙන පිණිස සන්නාහයක සිදුර මෙන් ඒ සිදුර වට වියනලද වාටියක් විය යුතුය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 28:32
9 හුවමාරු යොමු  

උශ්ශියා ඒ මුළු සේනාවට පලිස් ද හෙල්ල ද තොප්පි ද යුද්ධ සැට්ට ද දුනු ද විසි කිරීමට ගල් ද පිළියෙළ කෙළේ ය.


එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය.


කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය.


“ඒපොද් සැට්ටයේ සළුව සම්පූර්ණයෙන් ම නිල් පාටින් සෑදිය යුතු ය.


එහි පහළ මුළු වාටිය දිගේ ම, නිල්, දම් සහ තද රතු පැහැති දෙළුම් ගෙඩි ද ඒවා අතරතුර වටේට ම රනින් කළ මිණි ගෙඩි ද සෑදිය යුතු ය.


එහි මැද හිස දැමීමට සිදුරක් තිබූ අතර, මේ සිදුර නොඉරෙන පිණිස හම් කබායක සිදුර මෙන් එය වටේට වියන ලද වාටියක් විය.


මකුටයක් සහ හිස් වැසුම් ද කලිසම් ද