කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි.
නික්මයාම 28:14 - Sinhala New Revised Version 2018 ගෙතූ රන් මාල දෙකක් ද සාදා කෙවෙණි දෙකට ගෙතූ මාල සම්බන්ධ කළ යුතු ය. Sinhala New Revised Version ගෙතූ රන් මාල දෙකක් ද සාදා කෙවෙණි දෙකට ගෙතූ මාල සම්බන්ධ කළ යුතු ය. Sinhala Revised Old Version පවිත්‍ර රනින් මාල දෙකක්ද සාදන්න; ඒවා ගෙතූ කර්මාන්තයෙන් ලනු මෙන් සාදා ගෙතූ මාල කෙවෙනිවලට බඳින්න. |
කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි.
එක කුලුණේ උස මීටර් අටකි. එහි පිට ලෝකඩ පේකඩයක් විය. පේකඩයේ උස මීටර් එකයි දශම තුනකි. පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබිණි. ඒ සියල්ල ලෝකඩින් විය. දෙ වන කුලුණ පිටත් එයාකාර ව දැල් වැඩ තිබිණි.
මැණික්කරුවෙකුගේ දස්කම් පාමින්, මුද්‍රා කෙටීම මෙන් ඉශ්රායෙල් ජනයාගේ නාම ගල් දෙකේ කැටයම් කොට, ඒවා රන් කෙවෙණිවල බැඳිය යුතු ය.
“තවද, ඒපොද් නම් සැට්ටයේ කලාවට සම වන පරිදි විනිශ්චයේ ළය වැස්ම ද ගෙත්තම් කොට සෑදිය යුතු ය. එය රනින් ද නිල්, දම් සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද සෑදිය යුතු ය.