මෙසේ සම්බන්ධ කළ තිරවල අන්තිම තිරයේ එක වාටියක නිල් පාට පිළියෙන් ගාංචු සෑදිය යුතු ය. අනික් තිරවල අන්තිම තිරයේ ද එලෙස කළ යුතු වේ.
නික්මයාම 26:5 - Sinhala New Revised Version 2018 පළමු තිරයේ ගාංචු පණහක් සෑදිය යුතු අතර, දෙවනුව යා කළ තිරවල වාටියේ ද පළමු වැන්නේ ගාංචු හා එකිනෙකට මුහුණ ලා තිබෙන අයුරින් ගාංචු පණහක් සෑදිය යුතු යි. Sinhala New Revised Version පළමු තිරයේ ගාංචු පණහක් සෑදිය යුතු අතර, දෙවනුව යා කළ තිරවල වාටියේ ද පළමු වැන්නේ ගාංචු හා එකිනෙකට මුහුණ ලා තිබෙන අයුරින් ගාංචු පණහක් සෑදිය යුතු යි. Sinhala Revised Old Version එක තිරයක පුඩු පනසක්ද සන්ධිකරන අනික් තිරවල කෙළවරෙහි පුඩු පනසක්ද එකිනෙකට ඉදිරිපිට සාදන්න. |
මෙසේ සම්බන්ධ කළ තිරවල අන්තිම තිරයේ එක වාටියක නිල් පාට පිළියෙන් ගාංචු සෑදිය යුතු ය. අනික් තිරවල අන්තිම තිරයේ ද එලෙස කළ යුතු වේ.
තවද නුඹ රන් කොකු පණහක් සාදා, එක මණ්ඩපයක් වන පරිදි ඒ කොකුවලින් තිර එකටෙක සම්බන්ධ කළ යුතු වේ.
පසුව ඔහු එක තිර වාටියක මුදු පණහක් ද ඒවා එකිනෙකට මුහුණ ලා සිටින ලෙස, අනිත් තිරවල අන්තිම තිර වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය.